27.2 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදියණියගේ පවුල් ආරවුල විසඳන්න ගිය නැන්දම්මා බෑණාගේ අතින් ජීවිතක්ෂයට

දියණියගේ පවුල් ආරවුල විසඳන්න ගිය නැන්දම්මා බෑණාගේ අතින් ජීවිතක්ෂයට

වවුනියාව, පෙරියඋලුක්කුලම ප්‍රදේශයේදී ඊයේ (02) සිය බෑණා විසින් එල්ල කළ කැති පහරකින් බරපතල කැපුම් තුවාල ලැබූ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය දියණිය සහ ඇයගේ සැමියා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීමට යාමේදී බෑණා විසින් නැන්දම්මාට මෙලෙස කත්තකින් පහර දී ඇති බවයි උලුක්කුලම පොලිසිය පැවසුවේ.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇති අතර සැමියාගේ පහරදීමකින් තුවාල ලැබූ 37 හැවිරිදි බිරිඳද වවුනියාව රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වුණේ.

බෑණාගේ අතින් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඩී.පී.අමරාවතී නමැති 60 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක්. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් උලුක්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.