26.7 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldවට්ස්ඇප් සමූහයකින් ඉවත් කළ පුද්ගලයාට කළ අපරාධය

වට්ස්ඇප් සමූහයකින් ඉවත් කළ පුද්ගලයාට කළ අපරාධය

වට්ස්ඇප් සමූහයකින් (WhatsApp Group) ඉවත් කළ පුද්ගලයින් තිදෙනෙක් ඊට කෝපයට පත්ව පුද්ගලයෙකු ඝාතනය කළ සිදුවීමක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මොවුන් තිදෙනා විසින් වෙඩි තබා මෙලෙස ඝාතනය කර ඇත්තේ ඔවුන්ව වට්ස්ඇප් සමූහයෙන් නෙරපා දැමීමට කටයුතු කළ පුද්ගලයා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුරතල් සතුන්ගේ වට්ස්ඇප් සමූහයක් තුළ ඇති වූ ආරවුලක් මත මෙම පුද්ගලයින් තිදෙනා ඉන් නෙරපා දමා ඇති අතර ඊට කෝපයට පත්වූ මොවුන් විසින් පසුගිය 26 වනදා මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ ඉන්දීය පොලිසිය සැකකරුවන් තිදෙනා ඊයේ (02) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සමඟ දේශීයව නිෂ්පාදිත පිස්තෝලයක්, කාට්රිජ් දෙකක් සහ ස්විෆ්ට් වර්ගයේ මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇතිබවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 23, 26 සහ 30 යන වයස්වල පසුවන්නන් වනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පටවුඩි පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.