32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඉන්දුනීසියාවේ ඉන්ධන ගබඩාවක ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ ඉන්ධන ගබඩාවක ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ ඉන්ධන ගබඩාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජනාකීර්ණ ජකර්තා නගරයේ රාජ්‍ය තෙල් හා ගෑස් සමාගමක ඉන්ධන ගබඩාවක ගින්න හටගෙන ඇති බවයි.

ගින්න ශීඝ්‍රයෙන් අසළ නිවෙස්වලට ද ව්‍යාප්තවී ඇති අතර දරුණු පිළිස්සුම් තුවාල සහිත පුද්ගලයින් 50 දෙනෙකු පමණ රෝහල් ගත කර තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගිනි නිවන භටයින් 260 දෙනෙකු සහ ගිනි නිවන සේවා රථ 52 ක් යොදා ගනිමින් ගින්න මැඩපවත්වා ඇති අතර පැවති වැසි තත්ත්වය හමුවේ මෙම ගබඩාවේ නල මාර්ගයකට අකුණු සැර වැදීමෙන් ගින්න හටගෙන ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙම ඉන්ධන ගබඩාව ඉන්දුනීසියාවේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවයෙන් 25% ක් සපුරාලන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.