32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාරම්මල ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවක දැවැන්ත මුදල් වංචාවක්

නාරම්මල ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවක දැවැන්ත මුදල් වංචාවක්

නාරම්මල ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවක තැන්පතු කරුවන්ගෙන් රුපියල් නවකෝටි විසිපන් ලක්ෂයක මුදලක් වංචා කළ එම බැංකුවේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර වැඩ තහනමට ලක්වූ සමෘද්ධි බැංකු කළමණාකරුවෙකු සහ ව්‍යාපාරිකයින් දෙදෙනකු වන බවද පොලීසිය පැවසීය.

අදාළ සමෘද්ධි බැංකුවේ මුදල් තැන්පතුකරුවන්ට ණය ලබාදෙන ආකාරයට ව්‍යාජ ලේඛන සකස් කර මෙම මූල්‍ය වංචාව සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව සමෘද්ධි නිලධාරිනිය ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඊයේ හෙරොම්බාව ප්‍රදේශයේදී අත්ඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

අවුරුදු 48ත් 56ත් අතර වයසේ පසුවන මෙම සැකකරුවන් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.