Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

නෙදර්ලන්තය පැරදූ එංගලන්තයට ලකුණු 160ක ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන ජයග්‍රහණය ලබා ගැනීමට පසුගිය වර ලෝක ශූරයන් වූ එංගලන්ත කණ්ඩායමට අද හැකියාව ලැබුණා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 160කින් පරාජයට...
Homehot newsලෝක ජනගහනයෙන් අඩකට 2035 වසර වන විට සිදුවන දේ

ලෝක ජනගහනයෙන් අඩකට 2035 වසර වන විට සිදුවන දේ

2035 වසර වන විට ලෝක ජනගහනයෙන් අඩක් අධික තරබාරුවෙන් පෙලෙනු ඇති බව ලෝක ස්තූලතා පිළිබඳ ෆෙඩරේෂනය අනතුරු අඟවනවා.

ඒ අනුව ලෝක ජනගහණයෙන් බිලියන 4ක් පමණ මෙම තත්ත්වයට පත්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

අඩු සහ මධ්‍ය ආදායමි ලබන ආසියානු සහ අප්‍රිකා රටවල මෙම තත්ත්වය ඉහළ යා හැකි බවයි එහි සඳහන් වන්නේ.

2035 වෙද්දි ලෝක ජනගහනයෙන් බිලියන 4 ක් අධික තරබාරුවට ලක් වන බවයි මෙම ෆෙඩරේෂනය වැඩිදුරටත් අනතුරු අඟවා තිබෙනවා.

2020 වසරෙන් පසුව දරුවන් සහ නව යොවුන් තරුණ පරපුර ද අධික තරබාරුවට ලක්වීමේ අවධානමට ලක්ව ඇති බව ලෝක ස්තූලතා පිළිබඳ ෆෙඩරේෂනයේ සභාපති මහාචාර්ය ලුබිස් බවර් පවසනවා.