25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලී අනුපාත ඉහළ නැංවීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

පොලී අනුපාත ඉහළ නැංවීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

උද්ධමනය පාලනය සඳහා සැලසුම් සහගත ක්‍රියාවලියට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලි අනුපාතික ඉහළ දැමීම සුදුසු දෙයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ නැංවීමට මහ බැංකුව ගත් තීරණය සුදුසු සහ උද්ධමන ඉලක්ක රාමුව යටතේ පිහිටුවා ඇති අරමුණුවලට අනුකූල බව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

එය උද්ධමන ඉලක්ක සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ කැපවීම පිළිබිඹු කරන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.