― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක්

ඉදිරි වසර දෙකක කාලය සඳහා ශ්‍රී ලංකාවට මූල්‍යමය වශයෙන් සිහාය දීමට ලෝක බැංකුව එකඟ වී තිබෙනවා.

ඒ අනුව ඊට අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබාදිමට ලෝක බැංකුවේ කළමනාකාරීත්වය එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

එම මුල්‍ය ප්‍රදානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇති කරගෙන ඇති ගනු දෙනුව අවසන් වූ වහාම සිදු කෙරෙනු ඇති.

ලෝක බැංකුව විසින් එම මූල්‍ය ප්‍රදානය පියවර කිහිපයක් යටතේ සිදු කිරිමට අපේක්ෂා කෙරෙන අතර, පළමු මුදල් ලබාදිම අයි.එමි.එෆ්. ගනුදෙනුව අවසානයේ දි සිදු වනු ඇති බව ද තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට දැඩි ආර්ථික අවපාතයක් නිර්මාණය වී ඇති පසුබිමකදියි ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙලෙස ලෝක බැංකුවෙන් ප්‍රදානයක් සිදුවන්නේ.

මෙ වන විටත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සමබන්ධයෙන් වන සාකචිඡා අවසන් අදිරයක පවතින අතර, ඊයේ දිනයේ දි මේ රට රජය විසින් බැංකු පොලි අනුපාතය පවා යළි ඉහළ දැමීමට තින්දු කිරීම පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසීමට ලක්වුණා.

එය ආර්ථිකය සවිමත් කිරීම උදෙසා රප්යක් විසින් ගතයුතුම තීරණයක් බවයි ඔවුන් සඳහන් කළේ.

මෙරට උද්ධමනය පාලනය සඳහා ගෙන යන වැඩසටහනට එය මහත් රුකුළක් වනු ඇති බවත්, ඊයේ දිනය වන විට ශ්‍රී ලංකා රුපියල ද අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 4.9කින් අතිප්‍රමාණය වීමක් ද දිර්ඝ කාලයකට පසුව සිදුව තිබෙන අයුරු දක්නට ලැබුණා.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික පසුගාමිත්වයක් යමි තරමකින් වර්ධනයක් පෙන්නුම් කරන මොහොතකදියි ලෝක බැංකුවෙන් මෙවැනි මූල්‍ය සහායක් හිමිව ඇත්තේ.එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නැවුම් බලාපොරොත්තුවක් පවා ඇති කරවිය හැකි බවත් වාර්තා වනවා.