27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉම්රාන් ඛාන්ව සොයා පාකිස්ථාන පොලිසිය නිවස වටලයි

ඉම්රාන් ඛාන්ව සොයා පාකිස්ථාන පොලිසිය නිවස වටලයි

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ ලාහෝර් හි පිහිටි සමාන් පාර්ක් නිවසට පොලිසිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය පෙබරවාරි 28 වන දින එරට ෆෙඩරල් අධිකරණය හිටපු අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරනු ලැබූ අතර, එම වරෙන්තුවට අනුවයි ඔහු සොයා පාකිස්ථාන පොලිසිය ඔහුගේ ලාහෝර් හි පිහිටි නිවසට ගොස් ඇත්තේ.

ත්‍යාග නීතිවිරෝධී ලෙස මිලදී ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකට අනුවයි ය ඉම්රාන් ඛාන්ට එරෙහිව මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ.

කෙසේ වෙතත් පොලිසිය ඉම්රාන් ඛාන්ගේ නිවසට පැමිණි පසු ඔහුගේ දේශපාලන පක්ෂ ආධාරකරුවන් එම ස්ථානයට එක්රොක්ව සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එම අවස්ථාවේ දී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් නිවසට පැමිණි අවස්ථාවේ දී ඉම්රාන් ඛාන් නිවසේ සිටියේ ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

මේ අතර උසාවියෙන් ලැබෙන නියෝග ක්‍රියාත්මක කිරීමේදී පොලිසියට බාධා නොකරන ලෙස ඉල්ලා සිටින බව ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන්ට ඉස්ලාමාබාද් පොලිස් ප්‍රධානියා අනතුරු ඇඟවා තිබෙනවා.