― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsගුවන් යානයේදී මගියෙකුගේ සිරුරට මුත්‍රා කළ තරුණයෙක් අත්අඩංගුවට

ගුවන් යානයේදී මගියෙකුගේ සිරුරට මුත්‍රා කළ තරුණයෙක් අත්අඩංගුවට

ඇමෙරිකාවේ නිව්යෝර්ක් ගුවන් තොටුපලේ සිට ඉන්දියාවේ නවදිල්ලිය බලා පියාසර කරමින් තිබු ගුවන් යානයක සිටි ඉන්දියානු මගියෙකු යාබද අසුනේ සිටි මගියාගේ ඇඟට මුත්‍රා කිරීමේ සිදුවීමක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙලෙස මුත්‍රා කළ පුද්ගලයා ඇමෙරිකාවේ සරසවියක ඉගෙනුම ලබන සිසුවකු බවත් එම අවස්ථාවේ ඔහු අධික ලෙස බීමතින් සිට ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

ඔහු බීමත්ව සිටි අතර ඔහු නිදා සිටියදී මුත්‍රා කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.

මෙම සරවී සිසුවා සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති අතර වින්දිත පිරිමි ළමයා මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට උනන්දු නොවූයේ එය ඔහුගේ වෘත්තිය අනතුරට ලක්විය හැකි නිසා බව පවසමින්.

කෙසේ වෙතත්, මෙම සිදුවීම බැරෑරුම් ලෙස සැලකූ ගුවන් සමාගම එය ගුවන් තොටුපලේ ගුවන් ගමනාගමන පාලක වෙත වාර්තා කර තිබෙනවා.

නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලට යානය ළඟා වූ වහාම එම සිසුවා යානයේ කාර්ය මණ්ඩලය විසින් ගුවන් තොටුපල පොලිසිය වෙත බාරදී තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් 26 වනදා ද නිව්යෝර්ක් – නව දිල්ලි ගුවන් ගමනක් අතරතුර යානයේ ගමන්ගත් ඉන්දීය මගියෙකු යානයේ සිටි වයස්ගත මගී කාන්තාවකගේ ඇඟට බීමතින් මුත්‍රා කර තිබුණා.

ශංකර් මිශ්‍රා නම් පුද්ගලයා බීමතින් වයෝවෘද්ධ කාන්තාවකගේ සිරුරට මුත්‍රා කර තිබූ අතර එම සිදුවීමෙන් මාසයකට පමණ පසු මාධ්‍ය වාර්තාවක් හරහා අනාවරණය වීමෙන් අනතුරුවයි මිශ්‍රා අත්අඩංගුවට ගනු ලැබුවේ.

මාසයකට ආසන්න කාලයක් සිරගතව සිටි ඔහු ඇප මත නිදහස් කෙරුණා.

සිද්ධිය සිදුවී පැය 12ක් ඇතුළත එය වාර්තා නොකිරීම හේතුවෙන් එයාර් ඉන්දියා සමාගමට රුපියල් ලක්ෂ 30ක දඩයක් ද නියම කර තිබුණා.

මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් අදාළ මගියාගෙන් දඩ මුදලක් අයකර ගැනීමට හෝ එම මගියාට කිසියම් කාලසීමාවකට ගුවන් ගමන් තහනම් කිරීමට අදාළ ගුවන් සමාගමට නීතිමය හැකියාව පවතිනවා.