30 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීන පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට ජනපති ෂී ජින්පින්ග් සැරසෙයි

චීන පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට ජනපති ෂී ජින්පින්ග් සැරසෙයි

චීන පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට ජනාධිපති ෂී ජින්පින්ග් තීරණය කර ඇත.කැබිනට් මණ්ඩලය යටතේ පවතින ආයතන ද මේ යටතේ ප්‍රතිසංස්කරණය කෙරෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඒ සඳහා චීන පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.අනතුරුව නව අග්‍රාමාත්‍යවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් තෝරාපත්කර ගැනීමට නියමිතයි.

ඊට අදාළ කෙටුම්පත සකස් කිරීම සඳහා චීන ජනාධිපතිවරයා, එරට නීති සම්පාදකයින් හමුවී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඊට සමගාමීව වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත.