26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමැතිවරණයට මුදල් ඉල්ලා කොමිසම එවූ ලිපිය පක්ෂ නායකයන්ට යොමු කළා - කතානායක

මැතිවරණයට මුදල් ඉල්ලා කොමිසම එවූ ලිපිය පක්ෂ නායකයන්ට යොමු කළා – කතානායක

පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට මැදිහත් වන්නැයි ඉල්ලමින්, මැතිවරණ කොමිසම තමන් වෙත යොමු කළ ලිපිය, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ට ඉදිරිපත් කළ බව, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

කතානායකවරයා කියා සිටියේ, පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්විමේදී අදාළ ලිපිය ඔවුන් වෙත යොමු කළ බවයි.

එම ලිපියෙන් මැතිවරණ කොමිසම කරඇති ඉල්ලීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී පක්ෂ නායකයින්ගේ අවධානයට යොමු කළ බව මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළා.

මෙම වසරේ අයවැය මගින් මැතිවරණ සඳහා වෙන් කළ මුදල්, පළාත් පාලන මැතිවරණයට නිදහස් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට පක්ෂ නායකයින්ගේ එකඟතාව හිමිව තිබෙනවා.

කතානායකවරයා විසින් පසුගියදා අදාළ ලිපියේ පිටපතක්, මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද යොමු කර තිබුණා.

මැතිවරණ කොමිසමේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා මහතා අදාළ ලිපිය කතානායකවරයා වෙත යොමු කරමින් ඉල්ලා සිටියේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා මැදිහත් වන ලෙසයි.