― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsමැතිසබේ කෑම වියදම සියයට 30කින් ඉහළට ?

මැතිසබේ කෑම වියදම සියයට 30කින් ඉහළට ?

විදුලිය, ගෑස් සහ ආහාර ද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කෑම වියදම සියයට 30කින් පමණ ඉහළ නැග ඇතැයි වාර්තා වේ.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ආහාර සඳහා මාසයකට ලක්ෂ 90 ක පමණ මුදලක් වැයවූ අතර එය දැන් කෝටිය ඉක්මවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තුවේ ආහාර පාන සඳහා වැය කරන මුදලින් සියයට 60 කට අධික සංඛ්‍යාවක් වැය කෙරෙන්නේ එහි කාර්ය මණ්ඩලයේ ආහාරපාන වෙනුවෙන් බව සඳහන්.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බොහෝ දුරට ආහාරපාන ලබා ගන්නේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී පමණි. බොහෝ දුරට එය මාසයකට දින 8ක් පමණ වේ.

සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර නොගන්නා බවද පැවසෙයි.එහෙත් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය මාසය පුරා(රජයේ වැඩ දිනවල )පාර්ලිමේන්තුවෙන් ආහාර සහනදායි මිලකට ගන්නා බව සඳහන් වේ.

පාර්ලිමේන්තුවේ ආහාරපාන නාස්තියද ඉහළ අගයක පවතින අතර ආහාර ද්‍රව්‍ය පිට කිරීමද පෙර නොවූ විරූ ලෙස වැඩිවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.