11.1 C
London
Thursday, March 23, 2023

දරුකමට හදාගන්න ගත් දැරියව සම්බාහනයේ යොදවලා

දරුකමට හදාවඩා ගැනීම සඳහා අධිකරණ අවසරයක් යටතේ ලබාගත් 13 හැවිරිදි දැරියක් සම්භාහන මධ්‍යස්ථානයක යොදවා ඇයට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකාරියක් සහ සැකකරුවෙකු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

වින්දිත දැරිය පරිවාස භාරයට පත් කිරීමටත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ පසුගියදා නියෝග කර ඇති බවයි වාර්තා වුණේ. මෙලෙස රක්ෂිත බන්ධාගාර ගතකර ඇත්තේ සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකාරිය සහ එහි සේවකයෙක්.

අතවරයට පත් දැරිය දෙමව්පියන්ගේ දිළිඳුකම හේතුවෙන් පරිවාස භාරයේ සිටියදී, සැකකාර කාන්තාව ඇයව දරුකමට හදාවඩා ගැනිම සඳහා දිසා අධිකරණයේ කුලවැද්දුම් නඩුවකින් ලබාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ තවමත් එම නඩුවේ අවසන් තීන්දුව ලැබී නොමැති බවයි.

දරුකමට හදාවඩා ගැනීම සඳහා ලබාගත් දැරිය, සැකකාරිය විසින් සම්භාහන මධ්‍යස්ථානයේ සේවයේ යොදවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ. ඇයගේ පියා ඉකුත් සතියේ පැමිණ නඩුවේ අවසන් තීන්දුව ද ලැබී නොතිබීම හේතුවෙන් දැරිය යක්කලමුල්ලේ නිවසට කැඳවාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී දැරිය විසින් මේ පිළිබඳව අනාවරණය කර ඇති අතර පසුව පියා ඒ පිළිබඳව යක්කලමුල්ල පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්. අනරුව පොලිසිය විසින් දැරිය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර ඇති අතර එහිදී දැරිය දූෂණය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

දැරිය වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරමින් පවසා ඇත්තේ තමන් යක්කලමුල්ලේ සිටිය දී 2019 වසරේ දී ඥාතියෙකු දූෂණය කළ බවයි. එමෙන්ම සම්භාහන මධ්‍යස්ථානයේ සේවකයාද තමාට ලිංගික හිරිහැර කළ බවටද ඇය පවසා තිබෙනවා.

ඒ අනුවයි සැකකාර සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකාරිය සහ එහි සේවකයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ.

Latest

විදේශ හා අධිකරණ ඇමතිවරු දකුණු අප්‍රිකාවේ සංචාරයක

විදේශ අමාත්‍ය අලි සබ්රි සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ...

රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක්

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින්...

ඩොලරය ඉහළට

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු...

බන්දුලට ඉල්ලා අස් වෙන්නැයි රතු එළියක්

බස්‍ රථ අමතර කොටස් සහ ඒවායේ සේවා ගාස්තු අඩු...

Don't miss

රනිල්ව ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණු...

රනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මුල්‍ය...

ඩී.එස්. සේනානායක දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි...

IMF කොන්දේසිවල විරුද්ධ විය යුතු කොන්දේසි තියෙනවා කියලා මම හිතන්නෑ – සිරිසේන

මුල්‍ය අරමුදලේ මූලික කොන්දේසි දහයේ විරුද්ධ විය යුතු කොන්දේසියක්...

මහින්දානන්ද අලුත්ගමගේට සභාපති ධුරයක්

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

විදේශ හා අධිකරණ ඇමතිවරු දකුණු අප්‍රිකාවේ සංචාරයක

විදේශ අමාත්‍ය අලි සබ්රි සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ දකුණු අප්‍රිකාවේ නිල සංචාරයකට එක්ව තිබෙනවා. දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර්...

බන්දුලට ඉල්ලා අස් වෙන්නැයි රතු එළියක්

බස්‍ රථ අමතර කොටස් සහ ඒවායේ සේවා ගාස්තු අඩු නොවීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පැවැත්වීමට විෂය භාර අමාත්‍යවරයා අපොහොසත් වන්නේ නම් ඔහු වහා සිය ධුරයෙන්...

ඩයනා ගමගේ සම්බන්ධයෙන් CIDයට නියෝගයක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයා ගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here