29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇමරිකානු ජනපතිට පිළිකා සැත්කමක්

ඇමරිකානු ජනපතිට පිළිකා සැත්කමක්

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පිළිකා සැත්කමකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.

ධවල මන්දිරයේ වෛද්‍යවරයා වන කෙවින් ඔ’කොනර් පවසන්නේ එය සමේ පිළිකාවක් සම්බන්ධ සැත්කමක් වන අතර මෙම ශල්‍යකර්මය පෙබරවාරි 16 වැනිදා සිදු කර ඇති බවයි.

ජනාධිපතිවරයා මෙම ශල්‍යකර්මයට වොෂින්ටන් නුවර පිහිටි වෝල්ටර් රීඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේදී මුහුණ දී ඇති අතර මෙම පිළිකාමය කොටස තිබී ඇත්තේ බයිඩ්න්ගේ පපුව ප්‍රදේශයේ බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. basal cell carcinoma (බාසල් සෛල පිළිකා) යන නමින් මෙම මෙම චර්ම පිළිකා වර්ගය හඳුන්වනු ලබන අතර එය ඇමරිකාවේ සුළභවම දක්නට ලැබෙන පිළිකා වර්ගයකි.