30 C
Colombo
Friday, November 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්දය පැවැත්වෙන දිනය හෙට තක්කෙටම කියනවලු

ඡන්දය පැවැත්වෙන දිනය හෙට තක්කෙටම කියනවලු

පළාත් පාලන මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පාර්ශ්ව සඳහා හෙට (07) දැනුම් දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනයද හෙට (07) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මැතිවරණයට මුදල් සැපයීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ලබාදී තිබෙන බැවින් මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට, රජයේ මුද්‍රණාලයාධිපතිනිය ඇතුළු පහසුකම් සපයන අනෙකුත් පාර්ශ්වයන්ට දැනුම් දීමට නියමිත බවයි රජයේ මුද්‍රණාලය පවසන්නේ.