27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාමසාන් සමයේ විශේෂ නිවාඩුවක්

රාමසාන් සමයේ විශේෂ නිවාඩුවක්

රාමසාන් සමයේදී මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට යාඥා සහ ආගමික වතාවත්වල නිරත වීමට වැඩපිළිවෙලක් සකස් කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අමාත්‍යාංශයේ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් රජයේ සංස්ථා සහ ව්‍යවස්ථාදායක සභාවන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර රාමසාන් උත්සවය මාර්තු 23 සිට අප්‍රේල් 21 දක්වා පැවැත්වේ.

හැකි සෑම අවස්ථාවක දීම එම නිලධාරීන්ට ආගමික වතාවත්වල නිරත වීමට හැකිවන පරිදි වැඩමුර සකස් කර දියයුතු අතර නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කළ යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන්ය.