10.2 C
London
Friday, March 31, 2023

15 හැවිරිදි දැරිය නිවස තුළදී බිහිකළ දරුවාට සිදුකළ අපරාධය

15 හැවිරිදි බාලවයස්කාර දැරියක් බිළිඳෙකු ප්‍රසූත කිරීමෙන් පසු, ප්‍රසූත කළ දරුවා ඝාතනය කළ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර් නගරයෙන් වාර්තා වනවා.

නාග්පූර් නගරයේ පිහිටි දැරියගේ නිවසේදී පසුගිය දෙවනදා ඇය මෙලෙස බිළිඳෙක් ප්‍රසූත කර ඇති බවයි වාර්තා වන්නේ. එලෙස දරුවා ප්‍රසූත කිරීමට පෙර ඇය නිවස තුළ දී දරුවෙකු බිහිකරන ආකාරය සම්බන්ධයෙන් යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ කිහිපයක් ද නරඹා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දැරිය විසින් ප්‍රසූත කළ අලුත උපන් බිළිඳා ගෙළ සිරකර මරා දමා නිවසේ තිබූ පෙට්ටියක සඟවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. මෙම දැරිය තමන්ට දරුවෙකු ලැබීමට සිටින බවට සිය පවුලේ සාමාජිකයින්ට සැඟවීමට කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් දැරිය විසින් තමන් බිළිඳෙකු ප්‍රසූත කළ බවට පසුව ඇයගේ මවට පවසා ඇති අතර පසුව ඇයව රෝහලකට ඇතුළත් කිරීමට මව විසින් කටයුතු කර තිබෙනවා. දැරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් පුද්ගලයෙකු විසින් ඇයව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි.

අලුත උපන් බිළිඳාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර බිළිඳාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු දැරියට එරෙහිව මිනීමැරුම් චෝදනාව ඉදිරිපත් කරන බව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිසිය පැවසුවේ.

Latest

අඩු ආදායම්ලාභීන්ට රජයෙන් තවත් මාස දෙකකට සහල්

මෙරට අඩු අදායම්ලාභී පවුල්වලට තවත් අමතර මාස දෙකක කාලයක්...

දියේ ගිලීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට

පින්දෙණිය ප්‍රදේශයේදී කුඩා දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස...

පුද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

මට්ටක්කුලිය, කැළණි ගඟ මෝල පාරේදී තියුණු ආයුධවලින් පහර දී...

තරුණයෙකු පැදවූ වෑන් රථයක් නිසා පොලිස් නිලධාරියෙක්ට තුවාල

ජාත්‍යන්තර පාසලක සිසුවෙකු පැදවූ වෑන් රථයක් රථවාහන රාජකාරියේ නරතව...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

චීනයේ විරෝධතා මැද තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවට

මේ දිනවක ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග්වෙන් අද (31) කැලිෆෝනියා හිදී අමෙරිකානු කතානායක කෙවින් මැකාර්ති හමුවීමට නියමිතව ඇති බව විදෙස්...

ඩොනල්ට් ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නිව්යෝක් ප්‍රාන්ත අධිකරණයකදී අධිචෝදනා ගොනු කර තිබේ. ඒ 2016 වසරේ ජනාධිපතිවරණයට පෙර ඔහු ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ කාන්තාවකට මුදල් ගෙවා...

ඉන්දියාවේ කෝවිලක වහලයක් කඩා වැටී 30 දෙනෙකු ළිඳක සිරවෙයි – 12 දෙනෙකු ජීවිතක්ෂයට

අද උදෑසන ඉන්දෝර් කෝවිලක 30 දෙනෙකුට වැඩි පිරිසක් පඩි ළිඳකට වැටීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රාම් නවමි උත්සවය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here