― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorld15 හැවිරිදි දැරිය නිවස තුළදී බිහිකළ දරුවාට සිදුකළ අපරාධය

15 හැවිරිදි දැරිය නිවස තුළදී බිහිකළ දරුවාට සිදුකළ අපරාධය

15 හැවිරිදි බාලවයස්කාර දැරියක් බිළිඳෙකු ප්‍රසූත කිරීමෙන් පසු, ප්‍රසූත කළ දරුවා ඝාතනය කළ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර් නගරයෙන් වාර්තා වනවා.

නාග්පූර් නගරයේ පිහිටි දැරියගේ නිවසේදී පසුගිය දෙවනදා ඇය මෙලෙස බිළිඳෙක් ප්‍රසූත කර ඇති බවයි වාර්තා වන්නේ. එලෙස දරුවා ප්‍රසූත කිරීමට පෙර ඇය නිවස තුළ දී දරුවෙකු බිහිකරන ආකාරය සම්බන්ධයෙන් යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ කිහිපයක් ද නරඹා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දැරිය විසින් ප්‍රසූත කළ අලුත උපන් බිළිඳා ගෙළ සිරකර මරා දමා නිවසේ තිබූ පෙට්ටියක සඟවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. මෙම දැරිය තමන්ට දරුවෙකු ලැබීමට සිටින බවට සිය පවුලේ සාමාජිකයින්ට සැඟවීමට කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් දැරිය විසින් තමන් බිළිඳෙකු ප්‍රසූත කළ බවට පසුව ඇයගේ මවට පවසා ඇති අතර පසුව ඇයව රෝහලකට ඇතුළත් කිරීමට මව විසින් කටයුතු කර තිබෙනවා. දැරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් පුද්ගලයෙකු විසින් ඇයව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි.

අලුත උපන් බිළිඳාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර බිළිඳාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු දැරියට එරෙහිව මිනීමැරුම් චෝදනාව ඉදිරිපත් කරන බව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිසිය පැවසුවේ.