― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldකිම් ජොන් උන්ගේ සහෝදරියගෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

කිම් ජොන් උන්ගේ සහෝදරියගෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

උතුරු කොරියානු රජයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනයක් වන කිම් යෝ ජොන් විසින් අමෙරිකාවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ඒ, තමන් අත්හදා බලන මිසයිලයක් බිම හෙලීමට ගන්නා ඕනෑම පියවරක් සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් සේ සලකන බව පවසමින්.

කිම් යෝ ජොන් යනු උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සහෝදරියයි.

ඇය මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීමට හේතු වී ඇත්තේ, අමෙරිකාව සම්බන්ධයෙන් දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබූ පුවතක් බවයි වාර්තා වන්නේ.

එම පුවතේ සඳහන් වන්නේ, උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම්වලදී පැසිෆික් සාගරය දෙසට අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල අත්හදා බැලුවහොත් ඒවා බිම හෙලීමට අමෙරිකාව සැලසුම් කර ඇති බවයි.

නමුත් අමෙරිකාව සහ හිතමිතුරු රටවල් මෙතෙක් කිසිඳු අවස්ථාවකදී උතුරු කොරියාව දියත් කළ බැලැස්ටික් මිසයිලයක් වෙඩි තබා බිම හෙළා නොමැත.

කෙසේ වෙතත් මෑතක සිට උතුරු කොරියාව විටින් විට ජපානයට ඉහළින් සහ ඔවුන්ගේ මුහුදු සීමාව ආසන්නයට පතිත වන පරිදි බැලැස්ටික් මිසයිල අත්හදා බලමින් සිටිනවා.