― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsත්‍රිකුණාමලය ලංගම සේවකයින් බස් ධාවනයෙන් ඉවතට

ත්‍රිකුණාමලය ලංගම සේවකයින් බස් ධාවනයෙන් ඉවතට

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ත්‍රිකුණාමලය ඩිපෝවේ සියලුම සේවකයින් අද (07) පෙරවරුවේ සිට බස් රථ ධාවනයෙන් ඉවත්ව විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඩිපෝ කළමණාකරුගේ අත්තනෝමතික ක්‍රියාකලාපය මත ඩිපෝ සේවකයි මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මාස 06කට පමණ පෙර ධාවනය වූ බස් රථ 37ක් වෙනුවට අද දින ධාවනය වන්නේ බස්රථ 20ක් වැනි සුළු ප්‍රමාණයක් බවත් ඉතිරි බස්රථ ධාවනයෙන් ඉවත් කර ඇති බවත් ඩිපෝ සේවකයින් පවසනවා.

සුළු අලුත්වැඩියා මඟින් එම බස් රථ ධාවනයට යෙදවිය හැකි බවත්, සුසැරිය සහ රාත්‍රී ගමන්වාර මෙන්ම ග්‍රාමීය ගමන්වාර ද මේ වනවිට අවලංගු කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. සේවක අතිරික්තයක් ඇති බව පවසා සේවකයින් ස්ථාන මාරු කිරීමද ආරම්භ කර ඇති බවත් ලාභ ලැබූ මෙම ඩිපෝව යථාතත්වයට පත්කර දෙන ලෙස ඉල්ලා එහි සේවකයින් මෙලෙස බස්රථ ධාවනයෙන් ඉවත්ව තිබෙනවා.