31.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ලාදුරු රෝගීන් 1200ක් හැංගිලා

මෙරට ලාදුරු රෝගීන් 1200ක් හැංගිලා

ලාදුරු රෝගීන් 1200ක් සැඟවී සිටින බවට ඇස්තමේන්තු කර තිබෙන බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි.

පසුගිය මාස දෙක තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් තිදෙනකු පමණක් හඳුනාගෙන ඇති බවත් පදිංචිලාභීන් රෝග පරීක්ෂාව සඳහා ඉදිරිපත් නොවීම බරපතළ ගැටලුවක් බවට පත්ව තිබෙන බවත් වෛද්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව ගෙයින් ගෙට ගොස් සැඟවී සිටින ලාදුරු රෝගීන් සොයා ගැනීමේ දෙවැනි අදියර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පළමු අදියර ක්‍රියාත්මක කෙරිණි. පසුගිය මාස දෙකට මෙම දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 35ක් හඳුනාගෙන තිබේ.

පසුගිය 04 වැනිදා සිට කොළඹ දිස්ත්‍රික්කයේ ගෙයින් ගෙට ගොස් ලාදුරු රෝගීන් හඳුනා ගැනීමේ වැඩසටහන ආරම්භ කළ බවත් එදින රෝගීන් දෙදෙනකු හඳුනා ගත් බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.