26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්පැන් තොල ගා කලපුවට බැස්ස යුවළගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට

මත්පැන් තොල ගා කලපුවට බැස්ස යුවළගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට

හුංගම, කහමෝදර, මාදැල් වරාය කලපුවේ දින නාමින් සිටි විදෙස් ජාතිකයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

විදෙස් ජාතික යුවළක් ඊයේ (06) රාත්‍රියේ මෙලෙස කලපුවේ දිය නාමින් සිටිය දී විදෙස් ජාතික පුද්ගලයා මෙලෙස දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා 47 හැවිරිදි වියේ පසු වූ රුසියානු ජාතිකයෙකු වන අතර, මෙම යුවළ මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මෙලෙස කලපුවේ දිය නෑමට ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

විදෙස් ජාතිකයාගේ මෘත ශරීරය කහමෝදර ධීවර වරායේ තබා ඇති අතර ඒ සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) දින සිදුකිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.