27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොහොඹ ගහේ සැඟවී ආ මාරයා නිසා තරුණයෙක්ට දිවි අහිමි වෙයි

කොහොඹ ගහේ සැඟවී ආ මාරයා නිසා තරුණයෙක්ට දිවි අහිමි වෙයි

කොහොඹ ගසක අතු කැපීමට ගිය පාසල් සිසුවෙකුට විදුලි සැර වැදීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් පසුගියදා යාපනය, කටුවන්පුලම් ප්‍රදේශයෙන් වාර්තා වුණා.

නිවස ඉදිරිපස මාර්ගයේ තිබූ කොහොඹ ගසක අතු කැපීමට ගිය අවස්ථාවේ දී කොහොඹ අතු විදුලි රැහැනක ගැටී සිසුවාට මෙලෙස විදුලි සැරවැදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එස්.මදුෂන් නැමැති 18 හැවිරිදි සිසුවෙක් මෙලෙස මියගොස් ඇති අතර සිසුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් තෙලිප්පලෙයි රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.