― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeWorldමෙටා සේවකයන් 7000ක් දොට්ට දැමීමට පියවර

මෙටා සේවකයන් 7000ක් දොට්ට දැමීමට පියවර

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම්හි මව් සමාගම වන මෙටා, ආර්ථික මන්දගාමිත්වය හේතුවෙන් සේවකයින් 13,000 කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට දොට්ට දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම තවත් සේවකයින් දොට්ට දැමීමට මෙටා ආයතනය සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ සතියේ පමණක් සේවකයන් දහස් ගණනක් සේවයෙන් ඉවත් කිරීමට නියමිතය. ලොව විශාලතම සමාජ ජාල සමාගම වන මෙටා සමාගම නොවැම්බර් මාසයේදී සිය ශ්‍රම බලකායෙන් සියයට 13ක් දොට්ට දමන ලදී.

ඒ අනුව 7000කට අධික පිරිසක් සේවයෙන් ඉවත් කිරීමටයි මෙටා සමාගම තීරණය කර ඇත්තේ.