27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරුසියානු සංචාරකයෙකු මොරගල්ලේදී මුහුදට බිලි වෙයි

රුසියානු සංචාරකයෙකු මොරගල්ලේදී මුහුදට බිලි වෙයි

බේරුවල මොරගල්ල වෙරළ තීරයේ දිය නෑමට ගිය රුසියානු ජාතිකයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ෂෙප්ටර්න් ෂර්ජී නමැති 38 හැවිරිදි වියේ පසුවූ රුසියානු ජාතිකයෙකි.

මියගොස් ඇති රුසියානු ජාතිකයා සිය බිරිඳ සමග මොරගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට ඇති අතර එම හෝටලය පසුපස පිහිටි වෙරළ තීරයේ දිය නාමින් සිටියදී මෙලෙස දියේ ගිලී මියගොස් ඇත.

රුසියානු ජාතිකයා රළ පහරකට හසුව ගසාගෙන යමින් සිටියදී ජීවිතාරක්ෂකයෙකු වහාම ක්‍රියාත්මක වී ඔහුව ගොඩට ගෙන බේරුවල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් තිබේ.

අලුත්ගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.