26.1 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldලොව වඩාත් නොමේරූ දරු දෙදෙනා කැනඩාවෙන්

ලොව වඩාත් නොමේරූ දරු දෙදෙනා කැනඩාවෙන්

කැනේඩියානු නිවුන් දරුවන් දෙදෙනකු ගිනස් වාර්තා අතරට එක් වූණ.

ඒ, ලොව වඩාත් අඩුම ගර්භනී කාලයකින් උපත ලැබූ නිවුන් දරුවන් ලෙසයි.

සති 22ක එනම් දින 126ක ගැබිනි කාලයකින් මෙසේ උපත ලබා ඇත්තේ ආඩියා සහ ඒඩ්‍රියල් නඩරාජා නම් දරුවන් දෙදෙනායි.

මේ නිවුන් දරුවන් උපත ලබා ඇත්තේ නොමළ දරු උපතක් සිදුවිය හැකි අවම ගැබිනි කාලය වන සති 22ක කාලයටත් පැයකට පෙරයි.

සාමාන්‍ය ගැබිනි කාලය සති 40ක් වන අතර ඒ අනුව මේ දරුවන් නිසි කාලයට සති 18කට පෙර උපත ලබා තිබීම විශේෂත්වයකි.