― political ―

ධීවරයන්ට අද කණකර පවා උකස් කරන්න වෙලා

රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක්...
HomeNewsPoliticalකාන්තාවට හිමි නිසි තැන ලබාදීම පාර්ලිමේන්තුවෙන් අරඹමු

කාන්තාවට හිමි නිසි තැන ලබාදීම පාර්ලිමේන්තුවෙන් අරඹමු

මනුෂ්‍ය වර්ගයාගේ තිරසර පැවැත්ම රඳා පවතින්නේ සවිබල ගැන්වූ කාන්තා පෞරුෂය මත බවත් මෙරට බහුතරයක් කාන්තාවන් ජීවත් වුවත් ඔවුන්ට නිසි තැන ලබා දීමේ ගෞරවය කාලාන්තරයක් තිස්සේ පවතින දෙයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (8) ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොට ගෙන පාර්ලිමේන්තුව අමතමිනි.

ලෝකයේ බොහෝ රටවල දේශපාලන නියෝජනය සඳහා කාන්තාවන් බහුතරයක් සිටියත් අප රට තුළ දේශපාලන නියෝජනය කරමින් කාන්තාවන් සිටින්නේ සියයට 5කට ආසන්න ප්‍රමාණයක් බවත් දේශපාලනඥයන් ගැන අප්‍රසාදය ඇතිවී ඇති මේ මොහොතේ වුවත් කාන්තාවන්ට ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ දී වැඩි අවස්ථා හිමි විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තාවට හිමි නිසි තැන ලබා දීමේ ආදර්ශය ලෝකයට ලබා දීමට ප්‍රථම පාර්ලිමේන්තුව තුළින්ම එය සිදු කර ජනතාවට පෙන්විය යුතු බවත් එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.