27.8 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරැල්ලේ සිරිසුමන හිමිට වරෙන්තු

බොරැල්ලේ සිරිසුමන හිමිට වරෙන්තු

තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සමඟ මුදල් වංචාවකට ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධියට අදාළව ඇප මත සිටින බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (08) වරෙන්තු නිකුත් කළා.

ඒ මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර හිමිනම අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.

මෙම මුදල් වංචා සිද්ධියට අදාළව මේ වනවිට ඇප මත සිටින සැකකාර තිලිනි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන ඇතුළු සෙසු සැකකරුවන් අද (08) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටියා.