25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිරිහානේ ගින්නකින් වෙළඳසැල් දෙකකට හානි

මිරිහානේ ගින්නකින් වෙළඳසැල් දෙකකට හානි

මිරිහාන පැඟිරිවත්ත හන්දිය අසළ විදුලි උපකරන අලුත්වැඩියා කරන ස්ථානයක ඇතිවූ ගින්න යාබද වෙළඳසැල් දෙකකටද පැතිර ගොස් දේපළ හානිය වැඩිවී ඇති බව බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසනවා.

ඊයේ (08) අලුයම ඇතිවූ මෙම ගින්නෙන් විදුලි උපකරණ අලුත්වැඩියා කරන ස්ථානයක් හා රෙදිපිළි වෙළඳසැලක් මුළුමනින්ම විනාශ වී ගිය අතර රෙදිපිළි පිරිසුදු කරන ස්ථානයකටද අලාභ හානි සිදුවුණා.

මිරිහාන පොලිසිය, කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය හා වෙළඳසැල් හිමියන් එක්ව ගින්න මැඩ පැවැත්වූ අතර සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නැහැ.

විදුලි කාන්දුවකින් ගින්න හටගන්නට ඇති බවට පොලීසිය විශ්වාස කරනවා.