32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇෆ්ගනිස්ථානයේ දික්කසාද වූ කාන්තාවන්ට එරෙහිව තලේබාන්වරුන්ගෙන් දැඩි තීරණයක්

ඇෆ්ගනිස්ථානයේ දික්කසාද වූ කාන්තාවන්ට එරෙහිව තලේබාන්වරුන්ගෙන් දැඩි තීරණයක්

2021දී තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලයට පත්වීමෙන් පසු කාන්තාවන්ට එරෙහිව දැඩි තහංචි පනවන ලදී.

මේ වන විට දික්කසාද වූ කාන්තාවන්ට නැවතත් තම ස්වාමිපුරුෂයා සමඟ ජීවත් වීමට බල කෙරෙන බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ. මෙම තීරණයත් සමඟ කාන්තාවන් අතර දැඩි විරෝධයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

එසේ තිබියදීත් බලහත්කාරයෙන් දික්කසාද වූ සැමියන් සමඟ ජීවත් වන කාන්තාවන් ලිංගික අතවරවලට ලක්වී දත් කැඩී ගිය අවස්ථාද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ගොනු කළද තලේබාන් පාලනය යටතේ තමන්ට සාධාරණයක් ඉටු නොවූ බවට ඇෆ්ගන් කාන්තාවන් චෝදනා නගති.