27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඑලොන් මස්ක් ප්‍රසිද්ධියේ සේවකයෙක්ගෙන් සමාව ඉල්ලයි

එලොන් මස්ක් ප්‍රසිද්ධියේ සේවකයෙක්ගෙන් සමාව ඉල්ලයි

එලෝන් මස්ක් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ලොව ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය වන Twitter ඩොලර් බිලියන 44 කට මිලදී ගනු ලැබූ අතර ඔහු එහි විශාල වෙනස්කම් කිහිපයක්ද සිදු කළේය.

ඒ අනුව එලෝන් මස්ක් විසින් පසුගියදා Twitter හි සේවය කළ සේවකයන් 200ක් පමණ සේවයෙන් ඉවත් කරනු ලැබීය. ඊට පරිගණක ඉංජිනේරුවන්, කළමනාකරුවන්, පරිගණක විශේෂඥයින් සහ සහායකයින් ඇතුළත් වේ.

මෙලෙස සේවයෙන් පහ කළ බොහෝදෙනෙක් එලෝන් මස්ක් සහ ඔහුගේ සමාගමට දොස් පවරනු ලැබීය.

මේ තත්ත්වය තුළ ට්විටර් ආයතනයේ ආබාධිත සේවකයකු තමන් තවමත් සේවය කරනවාද නැද්ද යන්න පැහැදිලි කරන ලෙස පළ කළ ට්විටර් පණිවුඩයකට එලොන් මස්ක් පිළිතුරු සපයමින් පවසා ඇත්තේ ඔහුගේ ආබාධිත තත්ත්වය නිසා ඔහු තවදුරටත් තම සමාගමේ සේවය නොකරන බවයි.

මතභේදයට තුඩුදුන් එලොන් මස්ක්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු මෙම ආබාධිත පුද්ගලයාගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇත.

එහිදී එලෝන් මස්ක් පවසා ඇත්තේ ඔහුගේ තත්වය වැරදි ලෙස වටහා ගැනීම සම්බන්ධයෙන් තමා ඔහුගෙන් සමාව ඉල්ලා සිටින බවත් ඔහු දිගටම සමාගම තුළ තබා ගන්නවාද නැත්ද යන්න පිළිබඳව සලකා බලන බවයි.