27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් නඩුවකින් ජනපති නිදහස්

තවත් නඩුවකින් ජනපති නිදහස්

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් මිල දී ගැනීමේ ටෙන්ඩරයක් අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ රිට් පෙත්සමක වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටි ජනාධිපතිවරයාට එරෙහිව එම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව අභියාචනාධිකරණය අද තීරණය කළා.

විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කළ පෙත්සමකට අදාළව රුවන් ප්‍රනාන්දු සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

අදාල පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස ජනාධිපතිවරයා නම් කර තිබූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව මෙම නඩු කටයුත්ත පවත්වාගෙන යාමට නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන විසින් මීට පෙර අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබුණා.

එම මූලික විරෝධතා පිළිගත් අභියාචනාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව මෙම නඩු කටයුත්ත පවත්වාගෙන යාමට නොහැකි බව තීන්දු කළා.