27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙම් සබඳතාවක් මරණයෙන් කෙළවර වෙයි

පෙම් සබඳතාවක් මරණයෙන් කෙළවර වෙයි

පාසල් සිසුවෙකු සමඟ පැවැත්වූ කෙටි කාලීන ප්‍රේම සම්බන්ධයක් අතරමග නවතා දැමීමෙන් ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් 16 හැවරිදි පාසල් සිසුවියක් සිය දිවි හානි කරගැනීමේ සිද්දියක් මැදවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස දිවි තොර කරගෙන තිබෙන්නේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි සිසුවියක්.

මෙම සිසුවියගේ මව විදෙස්ගත වී සිටින අතර පියාගේ රැකවරණය යටතේ ඇය සිට ඇති බව මැදවච්චිය පොලිසිය පැවසුවා.