29 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews15 වැනිදා මහා වැඩ වර්ජනයක්

15 වැනිදා මහා වැඩ වර්ජනයක්

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිය සමිති කිහිපයක් අද (08) පෙරවරුවේ සිට එක්දින සංකේත වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඉහළ යන ජීවන වියදමට සරිලන දීමනා ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත්තේ.

ඒ හේතුවෙන් රෝහල්වල බාහිර ප්‍රතිකාර, සායනික, රසායනාගාර කටයුතු ඇතුලු අනෙකුත් සේවාවන්ට බලපෑම් එල්ල වී තිබේ.

ඊයේ කොළඹදී වෘත්තිය සමිති අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කමිටු සාමාජික වසන්ත සමරසිංහ කියා සිටියේ එළඹෙන 15 වනදා වනවිට වර්ජන ක්‍රියාමාර්ග දැඩි කරන බවයි.