30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ විරෝධතාවට පැමිණි සිසුන් 06ක් අත්අඩංගුවට

ඊයේ විරෝධතාවට පැමිණි සිසුන් 06ක් අත්අඩංගුවට

කැලණිය විශ්වවිද්‍යාලයේ ඊයේ රාත්‍රියේ පැවති විරෝධතාවයට සම්බන්ධ වූ විශ්වවිද්‍යාල සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගෙන සිටින කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුලු දෙදෙනෙකු නිදහස් කරන ලෙසට ඉල්ලමින් කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඊයේ රාත්‍රී මෙම විරෝධතාවය පැවැත්වුණා.

පසුව එය විසුරුවා හැරීමට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර පොලීසිය පැවසුවේ විරෝධතාවය හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට කොළඹ නුවර මාර්ගය අවහිර වූ බැවින් මෙම පිරිස විසුරුවා හැරිය බවයි.

විශ්වවිද්‍යාල සිසුන් 06 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.