26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතමිල්නාඩු කඳවුරක සිටි ලාංකිකයින් 06ක් අත්අඩංගුවට

තමිල්නාඩු කඳවුරක සිටි ලාංකිකයින් 06ක් අත්අඩංගුවට

තමිල්නාඩුවේ සරණාගත කඳවුරු 3ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙල් නවසීලන්තයට පළායාමට උත්සාහ කිරිමේදී ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් විසින් තමිල්නාඩුවේ පුම්පුහාර්හි බෝට්ටු හිමිකරුවෙකුට අත්තිකාරම් මුදලක් ලබා දී බෝට්ටුවක් මිලදී ගැනීමට කටයුතු කර ඇති බවත් අදාළ පුද්ගලයින් බෝට්ටුවක් මාර්ගයෙන් නවසීලන්තයට පළා යාමට උත්සාහ දරා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

තමිල්නාඩු පොලීසියේ කියුබ්‍රාන්ච් ශාඛාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුවයි මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොවුන් තූත්තුකුඩි දිස්ත්‍රික්කයේ කුලතුවෙප්පට්ටි, ක්‍රිෂ්ණගිරි දිස්ත්‍රික්කයේ කෙරවලපල්ලි, වෙල්ලෝර් දිස්ත්‍රික්කයේ ගුඩිමල්ලූර් කඳවුරේ රැඳී සිටි සරණාගතයින් 06 දෙනෙක් බවයි අනාවරණය වී ඇත්තේ.