― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldතලේබාන් ආණ්ඩුකාරවරයා ඔහුගේ කාර්යාලයට එල්ල වූ ප්‍ර+හාරයකින් ජීවිතක්ෂයට

තලේබාන් ආණ්ඩුකාරවරයා ඔහුගේ කාර්යාලයට එල්ල වූ ප්‍ර+හාරයකින් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ උතුරු බාල්ක් පළාතේ තලේබාන් ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයකින් ආණ්ඩුකාරවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මොහොමිඬි ඩාවුඩ් මුසම්මිල් නම් කුරු බාල්ක් පළාතේ තලේබාන් ආණ්ඩුකාරවරයා වන අතර 2021 වසරේ දි තලේබාන් සංවිධානය ඇෆගනිස්ථානයේ නැවත බලය අල්ලා ගැනීමෙන් පසු ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා යි.

BBC පුවත් සේවය සඳහන් කරන්නේ අදාල ප්‍රහාරයට හේතුව කවම අපහැදිලි බවත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ෂවයකින් බාර ගෙන නොමැති බවයි.

එහෙත් තලේබාන් ප්‍රකාශක ශබිහුල්ලා මුජාහිද්ධි විවිටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ආණ්ඩුකාරවරයා ඉස්ලාමි සතුරන් විසින් සිදු කරන ලද පිපිරීම්කින් දිවි පිදූ බවයි.

නැගෙනනහිර පළාතේ නන්ගර්හාර් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ මුසම්මිල් පසුගිය ඔක්තෝබර්යේ දී බර්ක්හි ආණ්ඩුකාර ධුරය සඳහා සත්කර යැවීමට තලේබාන් පාලනය කටයුතු කළා.

අදාල ප්‍රහාරය සමිබන්ධයෙන් නිවේදනයක් කරමින් බල්ක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් අසිෆ් වසිරි පවසා ඇත්තේ, අද (09) උදෑසන 9 ට පමණ ආණ්ඩුකාර කාර්යාලයේ දෙවන මහල තුළ මෙම පිපිරීම සිදුව ඇති බවයි.

බල්ක් පොලිසිය වැඩිදුරටත් පවසන්නේ, ප්‍රහාරයෙන් අවම වශයෙන් තවත් එක් අයෙකු ද මිය ගොස් ඇති බව යි.
ප්‍රහාරය සමිබන්ධයෙන් පළ වූ තහවුරු නොකළ වාර්තා පවසන්නේ මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවයි.