29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරුපියල් 6000 කාසියක් ගන්න ඔබටත් අවස්ථාවක්

රුපියල් 6000 කාසියක් ගන්න ඔබටත් අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කරන ලද සංසරණය සඳහා නොවන සමරු කාසි සීමිත ප්‍රමාණයක් අද (09) සිට මහබැංකු අලෙවි ස්ථාන හරහා අලෙවි කිරීමට පියවර ගෙන තිබේ.

එම එක් කාසියක් රුපියල් 6000ක මුදලකට පහත සඳහන් ස්ථාන හරහා මිලදීගැනීමේ අවස්ථාව හිමිවන බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කාසි අලෙවිය පැමිණීමේ ප්‍රමුඛතාව මත පදනම් කරගනිමින් පුද්ගල හැඳුනුම්පතේ තොරතුරු මත එක් අයෙකුට එක් කාසියක් බැගින් අලෙවි කිරීමට නියමිතය.