27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසීගිරිය මධ්‍ය මහා විද්‍යාලයට වන අලි ප්‍රහාරයක්

සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයට වන අලි ප්‍රහාරයක්

සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලකට එල්ලවූ වන අලි ප්‍රහාරයකින් එම ගොඩනැගිල්ලට හා ගොඩනැගිල්ලේ තිබු ඩෙස්, පුටු, ආදී දේපළවලට හානි සිදුවී තිබෙනවා.

වසර 5 කට අධික කාලයක සිට සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයට වන අලි තර්ජන එල්ලවන බවයි විදුහල්පති ප්‍රියන්ත දිසානායක මහතා පවසන්නේ. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරින්ට වාචිකව සහ ලිඛිතව දැනුවත් කර ඇතත් ඊට ස්ථිර විසඳුමක් ලැබී නැහැ.

විද්‍යාලය අවට ආරක්ෂාවට අලි වැටක් ඉදිකිරීමට මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, වනජීවී දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යංශය, ආදී ආයතන ගණනාවකට ඇස්තමේන්තු ද සකස් කර යවා දැනුවත් කර ඇතත් ඉන් ප්‍රයෝජනයක් සිදුවී නැහැ.

සිසුන්ගේ ජීවිත අවධානමකට ලක්වීමට මත්තෙන් පාසැල වටා ආරක්‍ෂිත අලි වැටක් ඉදිකරදෙන ලෙසට පාසල් බලධාරීන් මෙන්ම සිසුන්ගේ මව්පියන් වගකිවයුතු පාර්ශවවලින් ඉල්ලා සිටිනවා.