27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනියමිත මාසයේ ජලබිල පමණක් නිකුත් කරන්න - සනත් නිශාන්ත

නියමිත මාසයේ ජලබිල පමණක් නිකුත් කරන්න – සනත් නිශාන්ත

නියමිත මාසයට අදාළ වන පරිදි ජල බිල්පත් පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මාස කිහිපයක බිල්පත් එකවර ජල පාරිභෝගිකයන් වෙත ලබාදීමෙන් ජනතාවට දැරිය නොහැකි ජල ගාස්තුවක් ගෙවීමට සිදුව ඇති බවයි.

මාසිකව ජල බිල්පත් කියවීම සදහා සුදුසුකම් සපිරූ මනු කියවන්නන් ප්‍රමාණවත් පරිදි සිටියදීත්, ජලබිල්පත් මාස ගණන් ප්‍රමාදවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.