― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනසභා කෙටුම්පත සම්පාදනය කීරිම අරගලකරුවන්ගේ ජයග්‍රහණයක්

ජනසභා කෙටුම්පත සම්පාදනය කීරිම අරගලකරුවන්ගේ ජයග්‍රහණයක්

රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා ජනතා සහභාගීත්වය ලබා ගැනීම සඳහා ජනසභා ක්‍රමයක් ස්ථාපනය කිරීම වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද මූලික සංකල්ප පත්‍රිකාව වැඩිදියුණු කරමින් පනත් කෙටුම්පතක් සැකසීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට ළඟාවී තිබේ.

හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද ජන සභා ක්‍රමය පිළිබඳ මූලික සංකල්ප පත්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත පසුගිය ඔක්තෝබර් මස ඉදිරිපත් කරන ලදී. එම සංකල්ප පත්‍රිකාව අනුව ස්ථාපනය කරන ලද ජනසභා ලේකම් කාර්යාලය විසින් සාමකාමී ජන අරගලයේ තරුණ ක්‍රියාකාරීන්ගේ අදහස්, සිවිල් සමාජ ක්‍රියාකරීන්ගේ අදහස් සහ වෘත්තික අදහස් සහ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී මොඩලයන් පිළිබඳව අන්තර් ජාතික උදාහරණ සහ මීට පෙර ශ්‍රීලංකාව විසින් ඒ පිළිබඳව දරන ලද උත්සාහයයන්ගේ වාර්ථා ආදිය සැලකිල්ලට ගෙන නව කෙටුම්පත සම්පාදනය කළ බව එම කෙටුම්පත් සම්පාදක මණ්ඩලයේ ලේකම් නීතිඥ අකලංක හෙට්ටිආරච්චි විසින් ප්‍රකාශ කරන ලදී.

යෝජිත ජනසභා ක්‍රමයේ මූලිකාංග

යෝජිත පනත් කෙටුම්පතේ ප්‍රධාන අංගයන් වන්නේ ග්‍රාමීය ජන සභා ක්‍රමයක් ස්ථාපනය කිරීම සහ පුරවැසි ජූරි සභා ක්‍රමයක් හඳුන්වාදීම ය. ග්‍රාමීය ජන සභා සඳහා ස්වේච්ඡා පදනමින් ග්‍රාමීය ජනතාව පත් කරගැනීමට ක්‍රමවේදයක් මෙමගින් යෝජනා කර තිබෙන අතර ග්‍රාමීය සංවර්ධන සැලසුම්කරණය සහ සංවර්ධන ප්‍රමුඛතා හඳුනාගැනීම, ග්‍රාමීය සුබ සාධන අවශ්‍යතා සහ සුබ සාධන ප්‍රතිලාභ හිමිවිය යුත්තන්ගේ ප්‍රමුඛතා තීරණය කිරීම, ග්‍රාමීය සම්පත් හඳුනාගැනීම සහ ග්‍රාමීය මහජන දුක්ගැනවිලි කළමනාකරණය සඳහා මැදිහත්වීම ග්‍රාමීය ජනසභා වලට පැවරෙන මූලික කාර්යයන් ලෙස දැක්විය හැකිය. සමස්ථ ජනසභා ක්‍රමය නියාමනය සහ අධීක්ෂණය කිරීම පූර්ණ ස්වාධීන ජනසභා කොමිසමක් මගින් සිදු කිරීමට ද කෙටුම්පත මගින් යෝජනා කර තිබේ.

එමෙන්ම ග්‍රාමීය ජනසභා මගින් සකස් කරන සැලසුම් විධිමත් ලෙස ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් වශයෙන් සැලසුම්කරණ ක්‍රියාවලියට දායක කරගැනීම සඳහා කමිටු ක්‍රමයක් ද මෙමගින් වැඩිදුරටත් යෝජනා කර තිබේ.

පුරවැසි ජූරි සභා ක්‍රමයක්

රජයේ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ඇතිවන මහජන නොසන්සුන්තා වලදී ජනතාවගේ ස්වාධීන හඬට කන් දී විධිමත් හා සාධාරණ නිර්දේශයන් ඉදිරිපත් කිරීම සඳහා පුරවැසි ජූරි සභා ක්‍රමයක් ද මෙමගින් යෝජනා කර ඇත. එය මෙම කෙටුම්පතේ සුවිශේෂීතම අංගයක් ලෙස පෙන්වා දිය හැකිය.

එමෙන්ම නීතිඥ අකලංක හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම යෝජිත ජන සභා ක්‍රමය පවතින පළාත් පාලනය සඳහා ආදේශකයක් නොවන නමුත් පළාත් පාලනය සඳහා ග්‍රාමීය ජනතා සහභාගීත්වය සහිත යාන්ත්‍රණයක් ගොඩනැගීමටත් පලාත් පාලනයේ පවතින දුර්වලතා මගහරවමින් දූෂණය පිටු දකින ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සිදුකරණ අනාගත පළාත් පාලන ප්‍රතිසංකරණ සඳහා මෙම යෝජිත ජනසභා ක්‍රමය මත පදනම්ව ඉදිරි කටයුතු සිදු කිරීමේ හැකියාව ඇති බවයි. එහිදී විශේෂයෙන් පලාත් පාලන මහජන කමිටු පිහිටුවීම සඳහා ජනසභා ක්‍රමය යොදාගැනීමට හැකියාව ඇති බව ඔහු විසින් පෙන්වා දෙන ලදී.

සාමකාමී ජනතා අරගලයේ යෝජනා මල්ඵලගැන්වීමක්

මහජන නියෝජිතයින් විසින් සිදුකරන ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සක්‍රීය ලෙස පුරවැසියන්ට මැදිහත්වීමට අවස්ථාවක් සලසන යෝජිත ජනසභා ක්‍රමය සාමකාමී මහජන අරගලකරුවන් විසින් ඉල්ලා සිටි ‘ගාලුමුව දොරින් ඔබ්බට’ ජනතා යෝජනා මාලාවේ 3.C යටතේ දැක්වෙන ඉල්ලීම මල්ඵලගැන්වීමක් බව ජනසභා කෙටුම්පත් සම්පාදක මණ්ඩලයේ සාමාජික විමුක්ති දුෂාන්ත මහතා විසින් ප්‍රකාශ කරන ලදී.