25.6 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldෂී ජින් පිං තුන්වැනි වරටත් චීනයේ බලය අතට ගනියි

ෂී ජින් පිං තුන්වැනි වරටත් චීනයේ බලය අතට ගනියි

පස් අවුරුදු ධුර කාලයක් සඳහා කටයුතු කිරීමට චීන මහජන පක්ෂයේ ඒකමතික අනුමැතිය සහිතව ෂී ජින්පිං (Xi Jinping) තුන්වැනි වරටත් චීනයේ ජනාධිපති ලෙස පත් වී තිබේ.

මාඕ සේතුංගෙන් පසු චීනයේ පහළ වූ බලවත්ම නායකයා ලෙස සිය ග්‍රහණය දැඩි කර ගැනීමට ඔහු අද (10) සමත් වීම විශේෂත්වයකි.

ඒ අනුව චීනයේ මහජන මහා ශාලවේදී ජාතික මහජන කොංග්‍රස් (NPC) සාමාජිකයින් 3,000කට ආසන්න පිරිසක් විසින් ෂී ජින් පිංගේ අපේක්ෂකත්වය ඒකමතිකව තීරණය කළ අතර ජනාධිපති ධුරය සඳහා තරග වැදීමට වෙනත් කිසිදු අපේක්ෂකයෙක් නොසිටීම තවත් විශේෂත්වයකි.