29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldනයිජීරියාවේ බස් රථයක් දුම්රියක ගැටීමෙන් 06ක් ජීවිතක්ෂයට

නයිජීරියාවේ බස් රථයක් දුම්රියක ගැටීමෙන් 06ක් ජීවිතක්ෂයට

නයිජීරියාවේ ලාගෝස් නුවරදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් 06 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (09) සිදු වූ මෙම අනතුරින් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙර ලාගෝස්හි ඉකේජා ප්‍රදේශයේදී රජයේ සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක් නගරාන්තර දුම්රියක ගැටී ඇත.

මෙම අනතුරින් බස් රථයේ ගමන් කළ පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. 84 දෙනෙක් රෝහලේ ප්‍රතිකාර ලබති. දුම්රියේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

බස් රථයේ රියදුරු මාර්ග සංඥා නොතකා ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

නයිජීරියාවේ නගරවල මෙවැනි අනතුරු බහුල වන්නේ මාර්ග නීති පිළිපැදීමේ අඩුව හේතුවෙනි. නයිජීරියාවේ විශාලතම නගරය වන ලාගෝස් හි, අනතුරු මැඩපැවැත්වීම සඳහා මෑත වසරවල හඳුන්වා දුන් දැඩි දඩ මුදල් නොතකා එය බරපතල ගැටළුවක්ව පවතී.