23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිදේශගතව සිටින තම සැමියාගේ දුවට පහරදුන් කුඩම්මාට අත්අඩංගුවට

විදේශගතව සිටින තම සැමියාගේ දුවට පහරදුන් කුඩම්මාට අත්අඩංගුවට

කාන්තාවක් දැරියකට අතින් පයින් පහරදෙන ආකාරය දැක්වෙන  සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවට අදාළව එම පහර දීම සිදු කළේ යැයි කියන කාන්තාව අද(10) අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය සදහන් කරයි. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරකෑමට ලක්වු දැරියගේ කුඩම්මා වන කරවිට ආරච්චිලාගේ දිනූෂා නමැති රාගම කුරුකුලාව ප්‍රදේශයේ  පදිංචි  39 හැවිරිදි කාන්තාවකි.

පහරකෑමට ලක්වූ දැරිය රාගම පොලිසියේ පොලිස් නිලධාරීනියකගේ අධීක්ෂණය යටතේ රාගම ශික්ෂණ රෝහලේ 42 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටීයි.

දැරියගේ පියා විදේශගතව රැකියාවක් කරන බවත් පියාගේ දෙවන විවාහයේ බිරිව වන මෙම කාන්තාව සමග මෙම දැරිය ජීවත්වන බවත් පොලිසිය පවසයි.

වින්දිත දැරියගේ පියා විදේශගතව සිට නිවසේ සවි කර තිබෙන සීසීටීවී කැමරා වල  දර්ශන සිය ජංගම දුරකථනය ඔස්සේ ලබාගෙන ඔහු විසින් මුහුණු පොත ඔස්සේ  දැරියට පහරදෙන මෙම වීඩියෝව මුදා හැර ඇති බවට පොලිස් විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

දැරියගේ පියා සහ කුඩම්මා අතර යම් විරසකයක් තිබීම හේතුවෙන් මෙම වීඩියෝව මෙසේ සමාජ මාධ්යට මුදාහැරිය ඇති බවට  පොලිසිය සැක කරයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.