27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසාමකාමී විරෝධතාවලට එරෙහි බිහිසුණු මර්දනය හෙළා දකිනවා

සාමකාමී විරෝධතාවලට එරෙහි බිහිසුණු මර්දනය හෙළා දකිනවා

සාමාකාමී විරෝධතාවන්ට එරෙහිව රජය දක්වන දැඩි මර්දනකාරී ප්‍රතිචාරය තමන් හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබදව කටයුතු කරන කණ්ඩායම (CORE GROUP) වෙනුවෙන් සයිමන් මෑන්ලි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.

සාමකාමී එක්රැස් වීමේ අයිතියත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් සුරක්ෂිත කරන ලෙස සංවිධානය ශ්‍රී ලංකා බළධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

සාමකාමී විරෝධතාවන්ට එරෙහිව දියත් කර තිබෙන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් රජය වගවිය යුතු බව ඔවුන් පවසයි.

නීතියේ ආධිපත්‍යය සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය කටයුතු කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අවධාරණය කරයි.

රටවැසියන්ගේ විශ්වාසය තහවුරු කිරීම සදහා මැතිවරණ පැවැත්වීමේ වැදගත්කම පිළිබදව ද කොමිසම සිය නිවේදනයේ සදහන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන කණ්ඩායමට ඇමරිකා එක්සත් රාජධානිය, මලාවි, කැනඩාව, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් ජනපදය යන රටවල් අයත් ය.