27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබුරන හඬ අසා සිටීමට නොහැකිව අසල්වැසි නිවසේ සුනඛයාට සිදුකළ අපරාධය

බුරන හඬ අසා සිටීමට නොහැකිව අසල්වැසි නිවසේ සුනඛයාට සිදුකළ අපරාධය

සුනඛයෙකුගේ බුරන හඬ අසා සිටීමට නොහැකි වූ කාන්තාවක් එම සුනඛයා පණ පිටින් වළ දැමීමේ සිදුවීමක් බ්‍රසීලයෙන් වාර්තා වනවා.

තම අසල්වැසි නිවසේ සුරතලයට ඇති කරන සුනඛයාගේ බුරන හඬ අසා සිටීමට නොහැකි වීම හේතුවෙන් 82 හැවිරිදි වියේ පසුවන අදාළ කාන්තාව සුනඛයා පණ පිටින් වළ දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුනඛයා වළ දැමීමෙන් අනතුරුව ඒ බව සුනඛයාගේ හිමිකරුට එම කාන්තාව දැනුම් දී තිබෙනවා.

අනතුරුව ඔහු විසින් පැය එක හමාරක පමණ කාලයක් වළ තුල සිටි සුනඛයා බේරාගෙන පශු වෛද්‍යවරයෙක් වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්.

සුනඛයා පණ පිටින් වළ දැමූ කාන්තාව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.