23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඉන්දුනිසියාවේ මෙරාපි ගිනි කන්ද සක්‍රීය වෙයි

ඉන්දුනිසියාවේ මෙරාපි ගිනි කන්ද සක්‍රීය වෙයි

ඉන්දුනිසියාවේ මෙරාපි ගිනි කන්ද සක්‍රිය වී තිබෙනවා. කිලෝමීටර් එකහමාරක් පමණ දුරට දැනටමත් ලාවා සහ දුමාරය පැතිරි ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ගිනි කන්දේ සිට කිලෝමීටර් 3 ත් 7 ත් අතර භූමි ප්‍රදේශයේ අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, එම කලාපයේ කිසිඳු ක්‍රියාකාරකමක නිරත නොවන ලෙසටයි ඒ අවට ජීවත් වන ජනතාවට දැනුමි දි ඇත්තේ.

කෙසේ වෙතත් ජනතාවට තවමත් නිවාස වලින් ඉවත් වන ලෙස දැනුමි දි නොමැති බව ද විදෙස් වාර්තා සඳහන් කළා.ඉන්දුනිසියාවේ දෙවන උසම ගිනි කන්ද වන මෙ රාසි එරට වඩාත් සක්‍රීයම ගිනි කඳුවලින් එකක් ලෙස සැලකෙනවා.

2010 වසරේ මෙරාපි ගිනි කන්ද සක්‍රීය වීමෙන් 350 කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්වුණා.