29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදැරියකගේ මොළය තුළ නූපන් නිවුන් කලලයක්

දැරියකගේ මොළය තුළ නූපන් නිවුන් කලලයක්

වයස අවුරුද්දක් වන ගැහැණු දරුවෙකුගේ මොළය තුළ නූපන් නිවුන් කලලයක් තැන්පත්වී ඇති සිද්ධියක් චීනයෙන් වාර්තා වෙනවා.

මෙය අනාවරණ වී තිබුණේ දරුවාගේ ශාරීරික ක්‍රියාකාරීත්වය මන්දගාමීවීම සහ හිස විශාලවීම හේතුවෙන් සිදුකළ පර්යේෂණයකින්.

නිරන්තර රුධිර සැපයීම හේතුවෙන් කළලය තුළ ජීවය පැවතිය ද එහි වර්ධනයක් සිදුවී නොමැති අතර වෛද්‍යවරුන් මෙය අර්ථ දක්වන්නේ කලලයක් තුළ තවත් කලලයක් තැන්පත් වන දුර්ලභ අවස්ථාවක් ලෙසයි.

මෙය පරපෝශිත නිවුන් තත්ත්වයක් ලෙස ද හැඳින්විය හැකි අතර ගැබ් ගැනීම ආරම්භයේ දී මෙය සිදුවන බව වර්තාවල සඳහන්.

මෙවැනි තත්ත්වය හටගැනීමට හේතුව වන්නේ, ශුක්‍රාණු සහ ඩිම්බ සංසේචනයෙන් පසු සෑදෙන සෛල නිසි ලෙස වෙන්වීමට අපොහොසත් වීම හේතුවෙන්.

ඒ සමඟ අනෙකුත් කලල මුල් කලලය තුළ තැන්පත් වන අතර එහි වර්ධනයක් සිදු වන්නේ නැත.