10.6 C
London
Friday, March 31, 2023

අලි-කපුටු-පොහොට්ටුව ඡන්දය කල් දාන්න කුමන්ත්‍රණය කරනවා

අලි කපුටු පොහොට්ටු පාර්ශ්ව තුන එකතු වී මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක නියැලී සිටින බවත් රට විනාශ කරමින් ජන ජීවිත පහළ වට්ටමින් ජනතාව විනාශ මුඛය කරා ගෙන ගිය හිටපු ආණ්ඩුවටත් මේ ආණ්ඩුවටත් මැතිවරණය යන වචනය ඇහෙන විට පවා බයක් ඇති වී තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ කටුවනදී පැවති ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ මොහොත වන විට අවස්ථා 22 කට වඩා වැඩි ප්‍රමාණයකින් මැතිවරණය කඩාකප්පල් කිරීමට කටයුතු කර ඇති බවත් 2023 අයවැය තුළින් රුපියල් බිලියන 10ක මුදලක් පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කරත් මුදල් නොමැති බවට පවසන බවත්ය.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාවගේ පැත්තෙන් ශ්‍රේෂ්ඨ නියෝගයක් ලබා දෙමින් මැතිවරණයට වෙන් කළ මුදල් ලබා දෙන ලෙස අන්තර්වාර තීන්දුවක් ලබා දුන්නත් මේ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වූ බවට වන වැරදි තර්කයක් නිර්මාණය කර ඒ තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වරප්‍රසාද කමිටුවට ගෙනවිත් ස්වාධීන මැතිවරණ කොමිසමත් අපක්ෂපාතී අධිකරණයටත් බලපෑම් එල්ල කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරන බව විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සැලසුමෙන් කොටසක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඔවුන්ට සහාය දක්වන මන්ත්‍රීවරුන් කියා සිටින්නේ මේ නෛතික ක්‍රියා සියල්ල වරප්‍රසාද කමිටුවේ කටයුතු අවසන් වන තුරු අවලංගු කරන ලෙස කියා සිටින බවත් එබැවින් ඡන්ද අයිතිය වෙනුවෙන් මහපාරට බැස ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරන්න කටයුතු කරන ඒකාධිපති ආණ්ඩුව පරාජය කරන්න එක්වන ලෙස විපක්ෂ නායකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Latest

එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා...

චීනයේ විරෝධතා මැද තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවට

මේ දිනවක ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින තායිවාන ජනාධිපතිනි...

වැල්ලවායේදී ලක්ෂ 40ක ගංජා පොලිස් භාරයට

වැල්ලවාය කුරුගම මහතැන්න රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා...

රංජිත් අශෝක පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්, එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා නොව රටේ දූෂණය නැති කිරීමට බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here