11.1 C
London
Thursday, March 23, 2023

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ළඟදීම

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහන් තබමින් පෙන්වා දෙන්නේ සාමූහික ගිවිසුම්වලින් ඉවත් වීම සහ මූල්‍ය පාලනය පිළිබඳව අවශ්‍ය නව ප්‍රතිපත්ති තීරණ ගැනීම එහි පළමු පියවර බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියම සහ කාලවකවානුව පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට ද නියමිතයි. එමෙන්ම ඊට අදාළ අවසන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිත බව සඳහන්.

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ අමෙරිකානු නියෝජිත ආයතනය සහ ජයිකා ආයතනය සහය ලබාදීමට තීරණය කර තිබෙනවා.

එම ආයතන සමඟ ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී අදාළ ආයතන විසින් ලබාදිය හැකි සහාය පිළිබඳව දැනුම්දී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මූල්‍ය විගණනය, මානව සම්පත් විගණනය, වත්කම් විගණනය සහ නීති සම්පාදනය වෙනුවෙන් අදාළ ආයතනවල සහාය ලබා ගැනීමට මේ වනවිටත් එකඟතාව පළකර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Latest

විදේශ හා අධිකරණ ඇමතිවරු දකුණු අප්‍රිකාවේ සංචාරයක

විදේශ අමාත්‍ය අලි සබ්රි සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ...

රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක්

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින්...

ඩොලරය ඉහළට

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු...

බන්දුලට ඉල්ලා අස් වෙන්නැයි රතු එළියක්

බස්‍ රථ අමතර කොටස් සහ ඒවායේ සේවා ගාස්තු අඩු...

Don't miss

රනිල්ව ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණු...

රනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මුල්‍ය...

ඩී.එස්. සේනානායක දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි...

IMF කොන්දේසිවල විරුද්ධ විය යුතු කොන්දේසි තියෙනවා කියලා මම හිතන්නෑ – සිරිසේන

මුල්‍ය අරමුදලේ මූලික කොන්දේසි දහයේ විරුද්ධ විය යුතු කොන්දේසියක්...

මහින්දානන්ද අලුත්ගමගේට සභාපති ධුරයක්

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

විදේශ හා අධිකරණ ඇමතිවරු දකුණු අප්‍රිකාවේ සංචාරයක

විදේශ අමාත්‍ය අලි සබ්රි සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ දකුණු අප්‍රිකාවේ නිල සංචාරයකට එක්ව තිබෙනවා. දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර්...

බන්දුලට ඉල්ලා අස් වෙන්නැයි රතු එළියක්

බස්‍ රථ අමතර කොටස් සහ ඒවායේ සේවා ගාස්තු අඩු නොවීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පැවැත්වීමට විෂය භාර අමාත්‍යවරයා අපොහොසත් වන්නේ නම් ඔහු වහා සිය ධුරයෙන්...

ඩයනා ගමගේ සම්බන්ධයෙන් CIDයට නියෝගයක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයා ගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here